ගම්මන්පිල ත්‍රස්ත මර්දන ඒකකයට කැඳවයි
ප්රකාශයක් ලබා ගැනීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවට අද (11) කැඳවා ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ලියූ පොතක් එළිදැක්වීමෙන් අනතුරුව, තවත් ප්රහාරයක් සම්බන්ධයෙන් කළ ප්රකාශයක් මුල්කරගෙන ඒ ගැන ප්‍රශ්න කිරීමට මෙම කැඳවීම කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
“ගම්මන්පිල මහත්මයා අන්තවාදී ත්‍රස්ත ප්රහාරයක් ගැන යම් ප්රකාශයක් කර තිබෙනවා. එය අනාගතයේ විය හැකි බව සඳහන් කරමින්. ඒ ගැන ඔහු දන්නා කරුණු දැන ගැනීමටයි මෙම කැඳවීම කර තිබෙන්නේ.” යැයි උසස් පොලිස් නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

