Latestදේශීය

පල්ලේගම හේමරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්

අප­යෝ­ජන චෝදනා මත සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් පල්ලේ­ගම හේම­ර­තන හිමි, අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­ර­යාගේ නිර්දේශ මත කොළඹ ජාතික රෝහ­ලට හෝ බන්ධ­නා­ගාර රෝහ­ලට යොමු කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් කසුන් කාංචන දිසා­නා­යක මහතා බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ට නියෝග කළේය.

කිසි­යම් රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් පෞද්ග­ලික රෝහ­ලක ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී උන් වහන්සේ අත්අ­ඩං­ගු­වට ගැනුණු අතර, ඒ අනුව වැඩි­දුර ප්‍රති­කාර සඳහා මෙසේ උන් වහන්සේ කොළඹ ජාතික රෝහ­ලට හෝ බන්ධ­නා­ගාර රෝහ­ලට යොමු කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය. එමෙන්ම සැක­කාර හිමි­යන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසත්, අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වන නඩුව සඳහා සැක­කාර හිමි­යන් එහි ඉදි­රි­පත් කරන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කර තිබේ.

සැක­කාර හිමි­යන්ට සුදුසු ආර­ක්ෂා­වක් ලබා දෙන ලෙස ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා බන්ධ­නා­ගා­ර­යට නියම කර ඇත.

සැක­කාර හිමි­යන් සම්බ­න්ධ­යෙන් නිට්ට­ඹුව පොලි­සිය විසින් කොළඹ අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් 09 වැනිදා සිදු කළ ඉල්ලී­මට අනුව, එම රෝහ­ලට ගොස් උන් වහන්සේ නිරී­ක්ෂ­ණය කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝග නිකුත් කළේය.

බාල වය­ස්කාර දැරි­යක අප­හ­ර­ණය කිරීමේ හා අත­ව­ර­යට ලක් කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පල්ලේ­ගම හේම­ර­තන හිමි­යන් පොලී­සිය විසින් පසු­ගිය (8) රාත්‍රී අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණේ කොළඹ පෞද්ග­ලික රෝහ­ලක ප්‍රති­කාර ලබ­මින් සිටි­ය­දීය.

බාල වය­ස්කාර දැරි­යක අප­හ­ර­ණය කර රඳ­වා­ගෙන සිටින බවට නිට්ට­ඹුව පොලී­සි­යට පසු­ගිය මාර්තු 06 වැනිදා පැමි­ණි­ල්ලක් ලැබී තිබුණු අතර, මෙම සිද්ධියේ සැක­කා­රි­යක ලෙස නම් කර ඇති දැරි­යගේ මව අත්අ­ඩං­ගු­වට ගෙන ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත. මෙම සිද්ධියේ බාල වය­ස්කාර දැරිය අධි­ක­රණ නියෝ­ගය මත ළමා සුරක්ෂා මධ්‍ය­ස්ථා­න­යක රඳ­වා­ගෙන ඉදිරි විම­ර්ශන සිදු කරනු ලබයි.

සැක­කාර හිමි­නම විදේ­ශ­ගත වීම වළ­ක්වා­ල­මින් අධි­ක­රණ නියෝ­ග­යක් ද නිකුත් කර තිබූ අතර සෙසු සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ද නියෝග නිකුත් කර තිබිණි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *