විජේට අනුර සුබපතයි
තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට ජනාධිපති අනුර දිසානායක සුබ පැතුම් එක් කර තිබේ.
ජනාධිපති අනුර දිසානායක සිය නිල `X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ඓතිහාසික, සංස්කෘතික සහ ව්‍යවසාය සහ පාරම්පරික සබඳතාවලින් බැඳි ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වඩාත් සමීප සබඳතා සහ ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට අඛණ්ඩව සිදු කරන බැවින් අනාගතයේදී අතිමහත් ආර්ථික අවස්ථාවන් පවතින බව එහි දැක්වෙනවා.
ශක්තිමත් ඉන්දු – ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අනුර දිසානායක සිය `X’ සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

