පල්ලේගම හේමරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
අපයෝජන චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පල්ලේගම හේමරතන හිමි, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශ මත කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ අත්අඩංගුවට ගැනුණු අතර, ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙසේ උන් වහන්සේ කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එමෙන්ම සැකකාර හිමියන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව සඳහා සැකකාර හිමියන් එහි ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සැකකාර හිමියන්ට සුදුසු ආරක්ෂාවක් ලබා දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කර ඇත.
සැකකාර හිමියන් සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් 09 වැනිදා සිදු කළ ඉල්ලීමට අනුව, එම රෝහලට ගොස් උන් වහන්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
බාල වයස්කාර දැරියක අපහරණය කිරීමේ හා අතවරයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන හිමියන් පොලීසිය විසින් පසුගිය (8) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
බාල වයස්කාර දැරියක අපහරණය කර රඳවාගෙන සිටින බවට නිට්ටඹුව පොලීසියට පසුගිය මාර්තු 06 වැනිදා පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, මෙම සිද්ධියේ සැකකාරියක ලෙස නම් කර ඇති දැරියගේ මව අත්අඩංගුවට ගෙන ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම සිද්ධියේ බාල වයස්කාර දැරිය අධිකරණ නියෝගය මත ළමා සුරක්ෂා මධ්‍යස්ථානයක රඳවාගෙන ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.
සැකකාර හිමිනම විදේශගත වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබූ අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ද නියෝග නිකුත් කර තිබිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

