Latestදේශීය

චූදිතයන් ආරක්ෂා කිරීමේ වගකීම රජයට නැහැ – උපාලි පන්නිලගේ

කපිල චන්ද්‍ර­සේන මහතා චුදි­ත­යකු මිස සාක්ෂි­ක­රු­වකු නොවන බැවින් ආර­ක්ෂා­වක් ලබා­දිය නොහැකි බවත්, මෙරට නීතිය ප්‍රකා­රව චුදි­ත­යන් ආරක්ෂා කිරීමේ වග­කී­මක් රජ­යට නොමැති බවත්, සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ හා ප්‍රජා සවි­බ­ල­ගැ­න්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නි­ලගේ මහතා පසු­ගි­යදා (10) කැල­ණි­යේදී පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සීය.

”කාගේ වුණත් ජීවි­ත­යක් නැති වෙනවා කියන්නේ කන­ගා­ටු­දා­යක තත්ත්ව­යක්. මෙරට වස­ර­කට සිය­දිවි නසා ගැනීම් 3,000ක් පමණ වාර්තා වෙනවා. සමා­ජ­යක් ලෙස සිය­දිවි නසා ගැනීම කියන ඛේද­වා­චක සිදු­වීම් වළක්වා ගැනීම අපේ කාර්ය­භා­ර­යයි. ඒ සඳහා රජ­යක් ලෙස කළ යුතු උප­රිම දේ අපි කර­නවා.

කපිල චන්ද්‍ර­සේන මහ­තාගේ මර­ණ­යට ආණ්ඩුව සම්බ­න්ධයි කියලා ජන­තාව විශ්වාස කරන්නේ නැහැ. කපිල චන්ද්‍ර­සේන කියන්නේ චුදි­ත­යෙක්. ඔහු සාක්ෂි­ක­රු­වෙක් නෙවෙයි. ගුවන්යානා ගනු­දෙ­නුව සම්බ­න්ධ­යෙන් ඔහු විදේ­ශීය අධි­ක­ර­ණ­යක වර­ද­ක­රු­වෙක් වෙලා සිටින කෙනෙක්. ඔහුට එරෙ­හිව ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කට­යුතු සිදු­වෙ­මින් තිබෙන අව­ස්ථා­ව­කයි මෙය සිදු වුණේ. චුදි­ත­යෙක් විදි­යට ආරක්ෂා කරන්න කියලා ඉල්ලී­මක් කරලා තිබුණා නම් ආර­ක්ෂාව දෙන්න තිබුණා. එහෙම නැතුව චුදි­ත­යන් ආරක්ෂා කිරීමේ නීති­යක් අද වෙන­කොට ලංකාවේ නැහැ.

”අධි­ක­ර­ණ­යෙන් ඔහුට ඇප නියම කළාම යම් තැනක රැඳී සිට තිබෙ­නවා. ඇප කොන්දේසි සම්පූර්ණ කරන්න නොහැකි වීම නිසා නැවත ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට නියෝග නිකුත් කර තිබුණු අව­ස්ථා­ව­කයි මේ සිය­දිවි නසා ගැනීම සිදුව තිබෙන්නේ. මහ­ජ­න­තා­වගේ දේපළ බර­ප­තළ ලෙස වංචා කරපු යුග­යක ඒ සම්බ­න්ධ­යෙන් මැදි­හ­ත්ක­රු­වකු වූ චුදි­ත­යෙක්. චුදි­ත­යෙක් වුණත් මෙලෙස මිය­යෑම සුදුසු නැහැ. ගුවන්යානා ගනු­දෙ­නු­වෙන් ලබා ගත් මුදල් ලබා දුන් පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් ඔහු සඳ­හන් කර තිබුණා. මේ අල්ලස් ගැනීමේ සිදු­වීම සම්බ­න්ධ­යෙන් වසර ගණ­නා­වක් තිස්සේ පරී­ක්ෂණ සිදු වුණා. වත්මන් රජය බල­යට පැමි­ණී­මෙන් පසුව ඒ පරී­ක්ෂණ කඩි­නම් කෙරුණා. එව­කට ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට හා ඇමැ­ති­ව­ර­ය­කුට මුදල් ලබා දුන් බව චුදි­තයා ප්‍රකාශ කර ඇති අව­ස්ථා­ව­කයි මේ මියයෑම සිදුව තිබෙන්නේ. වත්මන් රජය වංචා­වට දූෂ­ණ­යට ඉඩක් දෙන්නේ නැහැ. එවැනි සිදු­වීම් විම­ර්ශ­නය කරලා අධි­ක­ර­ණ­යට වාර්තා කර­නවා. එතැ­නින් එහාට අධි­ක­ර­ණය විසින් අධි­ක­රණ කට­යුතු සිදු කරයි.”

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *