Latestදේශීය

රට රැකියා වංචාවක ප්‍රධාන කාන්තාවක් ලංකාවට රැගෙන එයි

හිටපු විදේශරැකියා ඇමති මනූෂ නානායක්කාරගේ සහෝදරයෙකු වූ තිසර නානායක්කාර සමග එක්ව ෆින්ලන්තයේ රැකියා සදහා යොමු කරන බව පවසා පුද්ගලයින් 48 දෙනෙකුගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියේ සැකකාර කාන්තාව ඩුබායි සිට මෙරටට රැගෙන එමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර හිටපු විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාරගේ බැංකු ගිණුම් 05ක් සම්බන්ධයෙන් සවිස්තරාත්මක විස්තර වර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට දින 14ක් තුළ ලබා දෙන ලෙසද රාජ්‍ය බැංකුවක් ඇතුළු පෞද්ගලික බැංකු 05ක කළමනාකරුවන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝගයක්ද නිකුත් කර තිබේ.

හිටපු ඇමති මනූෂ නානායක්කාර 2011, 2013, 2015 සහ 2022 යන ව‍ර්ෂවලට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *