Latestදේශීය

කපිලගේ දේහයට උදයංග අතගැසීම

සැකකටයුතු ලෙස මිය ගිය කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතුවලදී උදයංග වීරතුංග ඉතාමත් ක්‍රියාශීලී කාර්ය භාර්යයක් ඉටු කරන ලද බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීම සඳහා දියත්කරනලද කුප්‍රකට ක්‍රියාවලියේදී ඩොලර් මිලියන 16.84ක කොමිස් ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව අධිකරණය හමුවේ මූලික විමර්ශන සිදුකරමින් අතරතුර කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මියගොස් සිටියේය.

මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු වන උදංග වීරතුංග මිග් යානා ගනුදෙනුවලදී විශාල කොමිස් මුදලක් ලබාගත් බවට චෝදනා එල්ල වී පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. පසුගිය කාලයේ එම පරීක්ෂණ දේශපාලනය බලය යොදා යට ගසා තිබිණි.

මෙරටට ගුවන් යානා ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් දෙදෙනෙකු අතරින් කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු සඳහා උදයංග වීරතුංග ක්‍රියාශීලීව මැදිහත්වීම පිළිබඳ සමාජ මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු වී ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *