Latestදේශීයමතවාදසංස්කෘතික

‘රාජද්‍රෝහී කලාව’ නාමකරණය අධිපතිවාදී කතිකාවේ දිගුවක් බව සවිචාර සංවාද හරහා කියවා ගමු

‘රාජද්‍රෝහී කලාව ජාතික ආරක්ෂාව සහ ප්‍රකාශනයේ නිදහස’ යන මැයෙන් විශේෂ සාකච්ඡාවක් සවිචාර සංවාද හරහා පැවැත්වීමට නියමිතයි.

ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති රේගුවේ රඳවා ගනිමින් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එම කෘති නිදහස් නොකිරීමට කටයුතු කළ වත්මන් ජාතික ජන බලවේග ආන්ඩුව ද මෙතෙක් පැවති ආන්ඩු මෙන් අධිපතිවාදී දෘෂ්ඨිවාදී පහරදීම් තුළින්  ප්‍රකාශනයේ නිදහසට අත තබා ඇති ආකාරය ‌‌පිළිබඳව ගැඹුරින් කියවාගැනීමට මෙම සාකච්ඡාව හරහා විවෘත අවකාශයක් නිර්මාණය කර ඇති බව සවිචාර සංවාද කණ්ඩායම පවසයි.

ගාමිණී වියන්ගොඩ සහ රෝහිත භාෂණ අබේවර්ධන මූළික අදහස් දැක්වීමට නියමිත මෙම සංවාදය මෙහෙයවනු ලබන්නේ තිලක් කෝදාගොඩ විසිනි.

 මැයි මස 16 (සෙනසුරාදා) ලංකාවේ වේලාවෙන් රාත්‍රි 8.00ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නිමයිත මෙම සාකච්ඡාවට පහත සබැඳියෙන් සම්බන්ධ විය හැක.  

https://us02web.zoom.us/j/87547299422?pwd=eKzzSb67MCUb0IsCCGbHkyNeqyvOrB.1

Meeting ID: 875 4729 9422
Passcode: 134810


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *