තරු හිනැහෙන වසන්තය 2026
පෙරඹර සංස්කෘතික අවකාශයේ සාමූහික ළමා සංගමය යටතේ ක්රියාත්මක තරු ළමා කවය විසින් සංවිධානය කරන “තරු හිනැහෙන වසන්තය 2026” උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සාමූහික ළමා සංගමයේ ජාතික සංවිධායිකා ශානිකා ලක්මාලි මහත්මිය අප සමඟ පැවසුවා.
2026 මැයි මස 17 දින උදෑසන 8.00 සිට (දවස පුරා) කළුතර දිස්ත්රික්කයේ බේරුවල ප්රාදේශීය සභා (පයාගල) ක්රීඩාපිටියේ දී පැවැත්වීමට නියමිත මෙම ක්රීඩා උළෙල සඳහා ගම්පහ, රත්නපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්රික් නියෝජනය කරමින් තරු ළමා කවයන් හී සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බව ශානිකා ලක්මාලි මහත්මිය CMN වෙත වැඩිදුරටත් දන්වා සිටියා.
තවද මෙම තරු හිනැහෙන වසන්තයට සමගාමීව පවත්වනු ලබන දිස්ත්රික් එල්ලේ තරගාවලිය පසුගිය කාලය පුරා දිස්ත්රික් ගණනාවක පවත්වන ලද අතර එහි ජයග්රහණයන්ට හිමි ප්රසාද ලකුණු ද “තරු හිනැහෙන වසන්තය 2026” අවසාන ජයග්රහණය සඳහා තීරණාත්මක අගයක් එකතු කරනු ලබයි.
අවුරුදු ක්රීඩා ඇතුළු ළමා සිත් සතුටු කරන විවිධ ක්රීඩා ඉසව් තුළින් උද්යෝගය, අධිෂ්ඨානය, කැපවීම, සාමූහිකත්වය පරීක්ෂාකර බලන මෙම ක්රීඩා උළෙල සඳහා Team Courage, Team Unity, Team Brave සහ Team Strong යන කණ්ඩායම් 04 කරට කර තරග කරනු ඇති.
සුන්දර අත්දැකීම් තුළින් ළමා සිත් සතුටු කරන මෙම අපූරු ක්රීඩා තරගාවලිය දැකබලා ගැනීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය සියලු දෙනාට ආරාධනා කර සිටිනවා.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

