වහාම ක්‍රියාත්මක නොවුනොත් වෙළදපොළ කඩා වැටීම නවත්වන්න බැහැ – හර්ෂ ද සිල්වා
වෙළඳපොළ විශ්වාසය ජයග්‍රහණය කිරීමට වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ක්‍රියාවට නොනැංවුවහොත් වෙළඳපොළ කඩා වැටීම නැවැත්විය නොහැකි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“වෙළඳපොළේ විශ්වාසය කඩා වැටුණොත් ආර්ථිකය කඩා වැටෙනවා. ඩොලරය තවත් ඉහළට ගියොත් ආර්ථිකය කඩා වැටෙනවා. වෙළඳපොළ දේශපාලනික වන්නේ නැහැ. අද එක රේට් එකක්වත් මාර්කට් එකේ නැහැ. මාර්කට් එකේ තිබෙන්නේ මහ බැංකුවේ ඒවා විතරයි. එහෙම වෙන්න බැහැ. වෙළඳපොළ විශ්වාසය දිනා ගත හැකි ක්‍රමවේද තිබෙනවා. ඒවා ක්‍රියාවට නංවන්න. ජනතාවගෙන් ගහන්න තිබෙන බදු ප්‍රමාණය වැඩි වෙනවා. වෙළඳපොළ දැනුම භාවිත කර විශ්වාසය දිනන්න. ජනාධිපතිවරයා දේශපාලනය කරයි. මුදල් අමාත්‍යාංශය වෙෙළඳපොළ විශ්වාසය දිනන්න කටයුතු කරන්න. රට වැටෙන්න දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් එය වෙළඳපොළට මදි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

