වික්‍රම පියතුමා යනු කවුරුන් ද?
සමාජ ප්‍රගමනය සහ මානව විමුක්තිය වෙනුවෙන් තම පූජකවරය කැපකළ අසීරු තීන්දු මත හිදිමින් තම ප්‍රගතිශීලී ජීවන පැවැත්ම මරණය තෙක් අත්නොහල වික්‍රම ෆොන්සේකා පියතුමා පිළිබද සුවිශේෂී කතිකාවක් “වික්‍රම පියතුමා පිළිබඳ මතකය සමඟ එක්වෙමු” යන මැයින් පැවැත්වීමට නියමිතයි.
“විකුම් පිය සහෘදයින්” විසින් සංවිධානය කරන මෙම වැඩසටහන මැයි මස 24 (හෙට) සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී (නිදහස් චතුරශ්‍රය අසල) පැවැත්වෙනු ඇති.
වික්‍රම පියතුමා යනු කවුරුන් ද? යන්න ගැඹුරින් කියවා ගැනීමට සහ ඒ තුළින් පොදු සමාජ ප්‍රගමනයට ලබාගත හැකි වටිනාකම් මොනවාද යන්න සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය, සියලු ප්‍රගතිශීලී සහෘදයින්ට ආරාධනා කර සිටී.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

