පවිත්‍රාගේ වත්කම් විමර්ශන ඇරඹෙයි
හිටපු අමාත්‍යවරියක වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ වත්කම් සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඊට අදාළව පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (26) දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පෙරවරු 9.30ට පමණ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි ඇයගෙන් පැය කිහිපයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඇය විසින් මෙහිදී තමාට අයත් වත්කම් සම්බන්ධයෙන් මෙන්ම එම වත්කම් තමන්ට උරුම වූ ආකාරය පිළිබඳව ද තොරතුරු අනාවරණය කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

