මහින්ද, ගෝඨාභය ගත් තීරණය නිසා අන්තිම මොහොතේ හමුදාවේ 300කට ජීවිත අහිමි වුණා – සරත් ෆොන්සේකා කියයි
මහින්ද රාජපක්ෂ සේනාධිනායක ලෙස සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කූට දේශපාලන නියෝග ලබා දෙමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ජීවිත 300ක් එකවර අහිමි කළ ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හෙළි කරනු ලැබීය.
සිරස රූපවාහිනියෙන් විකාශනය කෙරෙන 10 Question වැඩසටහන තුළ දී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කරුණු රැසක් හෙළි කළේය. 2009 ජනවාරි 28 වෙනි දින මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් නොදන්වා සටන් විරාමයක් නිවේදනය කළ බවත්, එය ජනවාරි 31 සහ පෙබරවාරි 01 දින ක්‍රියාත්මක කළ බවත් හෙළි කරනු ලැබීය.
සටන් විරාමයේ පළමු දින, එනම් 2009 ජනවාරි 31 වෙනිදා රාත්‍රියේ LTTE සංවිධානය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර හමුදා සාමාජිකයන් 300කගේ පමණ ජීවිත අහිමි කළ බවත්, ඉදිරි ආරක්ෂක වළල්ල කිලෝ මීටර් 5කින් පමණ පසුපසට ගැනීමට සිදු වූ බවත් වැඩි දුරටත් සඳහන් කළේය. එම ප්‍රහාරය ක්ෂණිකව එල්ල කළ නොහැකි අතර, රාජපක්ෂ සහෝදරයින් ඊට සති දෙකකට පමණ පෙර සටන් විරාමය පිළිබඳ LTTE සංවිධානයට සහතිකයක් ලබා දී ඇති බව පැහැදිලි වන්නේ යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.
එම සම්පූර්ණ සාකච්ඡාව අඩංගු වීඩියෝව පහත දැක්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

