Latestදේශීය

මධ්‍යම අධිවේගී මාර්ගය රඹුක්කන සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් අරඹයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙන් ම, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පළ කළ අදහස් කෙරෙහි මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී අවධානයක් යොමු වී තිබේ.

මේ වනවිට ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් මෙරට මුදල් යොදා ගනිමින් මහා පරිමාණ ව්‍යාපෘති දියත් කර ඇති ආකාරයත්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විදේශ සේවා නියුක්තික ශ්‍රී ලාංකිකයින් ලබා දෙමින් තිබෙන දැවැන්ත ශක්තියත් කැටි කොට දැක්වීය.

එමෙන් ම, ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුළුව සංවර්ධනයේ යටිතල පහසුකම් සැලසීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සවිස්තර විග්‍රහයක් ඉදිරිපත් කළේය. එම අමත්‍යංශයේ ලේකම් ධුරයෙන් සමු ගන්නා මහාචාර්ය කපිල පෙරේරාගේ කෙටි අදහස් දැක්වීම ද බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට යොමු වී තිබේ.

මේ සියල්ල අඩංගු වීඩියෝවක් පහතින් දැක්වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *