සවස 3 දක්වා සූර්ය පැනල ක්රියා විරහිත කර තබන්න
හදිසි විදුලි බිඳවැටීමක් ඇති වීම වළක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා වහල මත සවිකර ඇති සූර්ය පැනල ස්වේච්ඡාවෙන්ම ක්රියාවිරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයන්ගෙන් ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම ඉල්ලා සිටී.
ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයක ඊයේ (30) දිනයේ පැය කිහිපයක් සඳහා විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදු වූ අතර, මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්රදේශ කිහිපයකින් විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

