Latestදේශීය

තෙල් මිළ වැඩිකරන්නේ බාල ගල් අගුරු පාඩුව පියවගන්නයි – නාමල් රාජපක්ෂ

ඉන්ධන මිල වැඩි කිරී­මට ආණ්ඩු­වට සිදුව තිබෙන්නේ බාල ගල්අ­ඟුරු ආන­ය­න­යෙන් සිදු වූ පාඩුව පියවා ගැනී­මට බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැව­සීය.

බාල ගල්අ­ගුරු හේතු­වෙන් විදු­ලිය උත්පා­ද­නය සඳහා වැඩි­පුර තෙල් දහ­නය කිරී­මට සිදුව තිබෙන බව පෙන්වා­දෙන ඒ මහතා, දින­කට ලීටර් ලක්ෂ හතක් අටක් වැනි ප්‍රමා­ණ­යක් දහ­නය කළ යුතු බවද පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, නුගේ­ගොඩ දී මාධ්‍ය අම­ත­මිනි. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රාජ­පක්ෂ මහතා මෙසේද කීය.

“රටේ ජන­තා­ව­ගෙන් ඇහුව නම් ආණ්ඩුව ගැන ජන­තාව හරි­යට පිළි­තු­රක් දෙයි. මොකද පැහැ­දි­ලි­වම ආණ්ඩුව ජන­තාව ගැන හිතන්නේ නෑ. සිය­ලුම බර ජන­තාව පිට දානවා. කලින් නම් ඇහුවේ මිල වැඩි කරන්න ආණ්ඩු ඕනද කියල. දැන් ඒ අය බල­යට ඇවිල්ලා සිය­ලුම තමන්ගේ නොහැ­කි­යා­වන්, වංචා දූෂ­ණ­යන් පාඩු සියල්ල ජන­තා­වගේ පිට පට­වන බවක් පේනවා. මාලි­මාවේ එක­සිය පන­ස්නම දෙනා­ටම පාර්ලි­මේ­න්තුවේ මං කතා කර­න­කොට ළඟට එනවා වගේ නඩු දින­යේ­දීත් ඇවිල්ලා වාඩි­වෙලා හිටි­යොත් හොඳයි. මොකද එත­කොට දැන­ගන්න පුළු­වන් ඒ අයට ඇත්ත කතාව. තැන් තැන්වල කිය­වන්නෙ නැතුව ඔය එක­සිය පන­ස්නම දෙනාම ඔය දව­සට උසා­වි­යට එන්න.

මැති­ව­ර­ණ­යක් තියලා බලන්න. තිබ්බොත් හොඳයි කියල මට හිතෙ­නවා. එක පැත්ත­කින් ජන­තා­වට අව­ස්ථාව දෙන්න ඕන ප්‍රාදේ­ශීය නාය­ක­යන් තෝර­ගන්න. ඒ වගේම අද පළාත් සභා­වල තියෙන බලය සහ මුදල් පරි­පා­ලක ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දේශ­පා­ලන නියෝ­ජි­ත­යන් නව දෙනෙක්ට දීල තියෙ­නවා.

ඒක දේශ­පා­ලන නියෝ­ජි­ත­යන් නව දෙනෙක්ට දෙන්නේ නැතුව ජනතා නියෝ­ජි­ත­යන්ට දුන්නා නම් තමයි හොඳ. මොකද ඒ අය ජන­තා­වට වග කිය­නවා. එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේ­දත් ආණ්ඩු­කා­ර­ව­ර­යෙක් ඉල්ලා අස් වුණානේ. අනිත් අයත් ළං වෙන්න ළං වෙන්න ඉල්ලා අස් වේවී. තම තමන්ගේ රට­ව­ල්ව­ලට යයි. හැබැයි අව­සා­නයේ වග­කි­යන්න කෙනෙක් නැති­වෙයි

‘ආණ්ඩුව අවු­රුදු තුන­හ­මා­රක් යන­වද නැද්ද කියන එක නීත්‍ය­නු­කූ­ලව මැති­ව­රණ කොමි­සම තීර­ණය කරන්න ඕන කාර­ණ­යක්. හැබැයි ඉතින් ආණ්ඩුව ඔය පුටුවේ වාඩි­වෙලා ඉන්න­කල් ඒ ආණ්ඩු­වෙන් වැඩ ගන්න එක තමයි අපි කරන්නේ. ඉතින් අපි ආණ්ඩු­වෙන් වැඩ ගන්නවා. ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙනවා. ආණ්ඩුවේ නොහැ­කි­යාව පෙන්වා දෙනවා. ආණ්ඩුව මේ රටේ ජන­තා­වට වෙච්ච පොරොන්දු ඉෂ්ට කර­න­කල් අපි ආණ්ඩුව එක්ක හැප්පෙ­නවා.

අලුත්ම ගල් අඟුරු නැවත් රිජෙක්ට් වෙලා කිය­න­වනේ. මොනව කරන්න ද ඉතින් වැඩ බෑ නේද? හොර­ක­මයි වංචා­වයි තමයි. ගල් අඟුරු නැව ඊළඟ එකත් බාල වෙච්ච ගමන් තව දව­ස­කට මාව සී.අයි.ඩී. එකට කැඳ­වයි.”

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *