Latestදේශීය

ළමා අපචාර වරදකරු වූ හිමිනමකට බරපතල වැඩ සහිතව වසර 24ක සිර දඬුවම්

ළමා අපචාර චෝදනාවකට වරදකරු වූ හිමිනමකට බරපතල වැඩ සහිත වසර 24ක සිර දඬුවම් නියම කර තිබේ.

යහපත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් ගලෙන්බිදුනු වැව ප්‍රදේශයේ විහාරස්ථානයකට භාරදුන් දස හැවිරිදි පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජන සිදු කළ බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි නම අධිචෝදනා ලැබ සිට ඇත.

එම හිමිනමට බරපතල වැඩ සහිත වසර 24ක සිර දඩුවම් නියම කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය දරුවාට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

එසේ නොගෙවන්නේ නම් අමතර වසර 2ක සිරදඩුවම්ද නියම කර ඇත.

විත්තිකරු අධිකරණය මග හැර පළාගොස් සිටි අතර එම හිමිනම නොමැතිව නඩුව විභාග කර තිබේ.

හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

මේ අතර පැවදිකිරීම සඳහා විහාරස්ථානයට භාර දුන් පළමු දිනයේම පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවට වරදකරු වූ ගල්නෑවේ හිමිනමකටද ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණය පසුගියදා දඩුවම් නියම කර තිබිණි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *