Latestදේශීය

තිළිණිට ජානකීට අධිචෝදනා

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා මුළා කර, ඔහු සතු රුපියල් මිලියන 80කට වැඩි මුදලක් වංචා කිරීමේ චෝදනාවට තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිණි පියුමාලි සහ එහි අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධන යන තැනැත්තියන්හට කොළඹ මහාධිකරණය ඉදිරියේ පසුගිය දා (11දා) අධිචෝදනා කියවා දෙන ලදි.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ලක්ෂ 10ක ශරීර ඇප හා රුපියල් 20,000ක මුදල් ඇප මත මුදාහැර සිටි විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

රජයේ අධිනීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන අසාත් සාලි මහතා සාක්ෂි දෙමින් විත්තිකරුවන්ගේ කාර්යාලය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටා තිබීම හා ඔවුන් මිල අධික වාහන භාවිත කිරීම නිසා වෙනත් කිසිදු දෙයක් පිළිබඳ සොයා නොබලා ඔවුන්ගේ ව්‍යාපාරික ආයතනයේ ආයෝජනය කළ බව කියා සිටියේය. තමන් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයට යන විට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු මුදල් ආයෝජනයට පැමිණ සිටි නිසා ඔවුන් ගැන තිබුණු විශ්වාසය තවත් වැඩි වුණු බව සාක්ෂිකරු පැවසීය.

තමන් නිවාස හා දේපළ වෙ‍ෙළඳාමේ යෙදීමෙන් විශාල ලාභයක් ලැබුණු බවත් කාන්තාවන් දෙදෙනකුගේ ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් විනාශ වුණු බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සාක්ෂි දෙමින් කියා සිටියේය.

විත්තිකරුවන් ගැන තමන්ට කිසිදු සැකයක් නොතිබුණු බවත් මුදල් ආයෝජනය කිරීමේදි පොලියක් දෙන දිනයක් හෝ ව්‍යාපාරික සැලැස්මක් ඉදිරිපත් නොකළ බව වැඩි දුරටත් පැවසීය. අසාද් සාලි යන අයගෙන් කොළඹදී 2022 වසරේ මැයි 30දා සහ ජූලි 30දා අතර කාලය තුළදී රුපියල් මිලියන 80කට වැඩි මුදලක් වංචාකර ලබා ගැනීමේ හා රුපියල් ලක්ෂ 50ක අගරු චෙක්පතක් දුන් බවට චෝදනා කර නඩු පවරා තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *