පද්මේගේ රතු නිවේදනයක් ඔස්මන්ගේ නිවසේ
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නමැත්තාගේ නිවෙස සහ භූමිය පරීක්ෂා කිරීමේදී කෙහෙල්බද්දර පද්මේගේ රතු නිවේදනයක් තිබී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ දැනුම් දුන්නේය.
සෝදිසි වරෙන්තුවක් මත සැකකරුගේ නිවෙස හා භූමිය පරීක්ෂා කිරීමේෙදී තවත් වැදගත් ලේඛන කිහිපයක්ද සොයා ගත් බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මියගිය ගණේමුල්ල සංජීවට අදාළ පැරණි සහ දැනට පවතින නඩු විස්තර, ඔහු ආශ්රය කළ පුද්ගලයන්ගේ තොරතුරු සහ දුරකතන අංක ඇතුළත් ලේඛනයක්ද එහි තිබී හමු වූ බව පොලීසිය අධිකරණයට පැවැසීය.
එම තොරතුරු අනුව සැකකරු ගණේමුල්ල සංජීවගේ ක්රියාකරකම් පිළිබඳ සමීප අවධානයකින් පසුව ඇති බව ද පැවැසීය. සැකකරුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනිඅවියක් හමු වූ අතර ඒ සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද පොලීසිය දැනුම් දුන්නේය.
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව පසුගියදා (12) කැඳවූ අවස්ථාවේ පොලීසිය මේ බව දැනුම් දුන් අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ‘ඔස්මන්ඩ් ගුණසේකර’ හෙවත්, ගම්පහ ඔස්මන්’ නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බවත් කීවේය.
එහිදී මෙම නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමටද නියම කෙරුණි. මෙම සිද්ධියට අදාළ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය දින 30ක කාලයක් රඳවාගෙන ප්රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව ද අධිකරණයේ දී අනාවරණය විය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

