Latestදේශීය

පද්මේගේ රතු නිවේ­ද­න­යක් ඔස්මන්ගේ නිවසේ

ගණේ­මුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට පත්ව සිටින ඔස්මන්ඩ් ගුණ­සේ­කර හෙවත් ගම්පහ ඔස්මන් නමැ­ත්තාගේ නි‍වෙස සහ භූමිය පරීක්ෂා කිරී­මේදී කෙහෙ­ල්බ­ද්දර පද්මේගේ රතු නිවේ­ද­න­යක් තිබී සොයා ගත් බව කොළඹ අප­රාධ කොට්ඨා­සය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම මහතා ඉදි­රියේ දැනුම් දුන්නේය.

සෝදිසි වරෙ­න්තු­වක් මත සැක­ක­රුගේ නිවෙස හා භූමිය පරීක්ෂා කිරීමේෙදී තවත් වැද­ගත් ලේඛන කිහි­ප­යක්ද සොයා ගත් බව ද පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මිය­ගිය ගණේමුල්ල සංජී­වට අදාළ පැරණි සහ දැනට පව­තින නඩු විස්තර, ඔහු ආශ්‍රය කළ පුද්ග­ල­යන්ගේ තොර­තුරු සහ දුර­ක­තන අංක ඇතු­ළත් ලේඛ­න­යක්ද එහි තිබී හමු වූ බව පොලී­සිය අධි­ක­ර­ණ­යට පැවැ­සීය.

එම තොර­තුරු අනුව සැක­කරු ගණේ­මුල්ල සංජී­වගේ ක්‍රියා­ක­ර­කම් පිළි­බඳ සමීප අව­ධා­න­ය­කින් පසුව ඇති බව ද පැවැ­සීය. සැක­ක­රුගේ නිවාස භූමියේ තිබී ලියා­ප­දිංචි නොකළ යතු­රු­පැ­දි­යක් සහ ගිනි­අ­වි­යක් හමු වූ අතර ඒ සම්බ­න්ධ­යෙන් ගම්පහ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇති බව ද පොලී­සිය දැනුම් දුන්නේය.

ගණේ­මුල්ල සංජීව ඝාත­නය සම්බ­න්ධ­යෙන් වන නඩුව පසු­ගි­යදා (12) කැඳවූ අව­ස්ථාවේ පොලී­සිය මේ බව දැනුම් දුන් අතර ඒ සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට පත්ව සිටින ‘ඔස්මන්ඩ් ගුණ­සේ­කර’ හෙවත්, ගම්පහ ඔස්මන්’ නමැත්තා තව­දු­ර­ටත් රැඳ­වුම් නියෝග මත රඳ­වා­ගෙන විම­ර්ශන සිදු කරන බවත් කීවේය.

එහිදී මෙම නඩුව ලබන 26 වැනිදා යළි කැඳ­වී­ම­ටද නියම කෙරුණි. මෙම සිද්ධි­යට අදාළ සැක­කා­රි­යක වන ඉෂාරා සෙව්වන්දි නමැ­ත්තිය දින 30ක කාල­යක් රඳ­වා­ගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳ­වුම් නියෝග ලබා­ගෙන ඇති බව ද අධි­ක­ර­ණයේ දී අනා­ව­ර­ණය විය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *