හිටපු OIC ලින්ටන් සිල්වා ඇතුළු පිරිසට මහාධිකරණයෙන් අධිචෝදනා
මෙයට වසර 05කට පෙර පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනකුට කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 16 වනදා අධිචෝදනා භාර දී තිබේ.
මෙලෙස පහරදී තිබුණේ, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයෙකු වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නටය.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබිණි. මෙම සිද්ධියට අදාළව ආරච්චිගේ ලින්ටන් සිල්වාට අමතරව ජයකොඩි ආරච්චිගේ සුමිත් කුමාර සෝමරත්න, දිසානායක මුදියන්සේලාගේ නදුන් තාරක මධුරංග අබේකෝන් සහ පපාගොඩ ආරච්චිගේ අතුල විජේසිංහ යන පොලිස් නිලධාරීන් පිරිස මෙලෙස අධිචෝදනා ලැබූ සෙසු විත්තිකරුවෝ වෙති.
2021 වසරේ පෙබරවාරි 25දා පෑලියගොඩ පොලිසිය විසින් රැඳවුම් නියෝග මත අත්අඩංගුවට ගෙන සිටි ශෂික ජයවීර නමැත්තාට දිවා ආහාරය ලබාදීමට නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අදාළ සැකකරුගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කර තිබේ. එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පොලිස් නිලධාරීන් විසින් නීති ශිෂ්‍යයාට මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇත.
මෙම සිදුවීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි. එම පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් තීන්දු කර තිබුණේ එවකට පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිට සිටි ලින්ටන් සිල්වා ඇතුළු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් සහ රජය පෙත්සම්කාර නීති ශිෂ්‍යයාට වන්දි මුදලක් ගෙවිය යුතු බවය.
නඩුව ලබන ජූලි 16 වැනිදා යළි කැඳවා තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

