දෝහා ඩයමන් ලීග් කිරුළ රුමේෂ් තරංගට
ශ්රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, මීටර් 88.68ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් දෝහාහි පැවති ඩයමන්ඩ් ලීග් 7 වැනි අදියරේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශූරතාව දිනාගැනීමට සමත් විය.
මෙය රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අදියරක් ජයගත් දෙවන අවස්ථාව වන අතර, ශ්රී ලංකා මලල ක්රීඩා ඉතිහාසයේ තවත් සුවිශේෂී ජයග්රහණයක් ලෙස සැලකේ.
ඉන්දීය ක්රීඩක නිරාජ් චොප්රා මෙම තරඟයේ සිව්වැනි ස්ථානයට පත්වූ බව වාර්තා වේ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

