Latestවිදේශීය

ඉරාන බ්‍රිතාන්‍ය සබඳතා බිඳවැටෙයි – බ්‍රිතාන්‍ය තානාපතිවරයා ඉරානයෙන් ඉවත්කර ගනී

බ්‍රිතාන්‍ය රජය විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඊට අනුබද්ධ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස නිල වශයෙන් නම් කර තිබේ.

මෙම තීරණය “රාජ්‍ය තර්ජන මර්දන පනත” යටතේ ගෙන ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා සිය දැඩි විරෝධය පළ කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය රජය චෝදනා කරන්නේ පසුගිය මාස කිහිපය තුළ යුරෝපයේ විවිධ ප්‍රදේශවල ප්‍රහාර සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානය විසින් සටන්කාමී කණ්ඩායම් යොදාගෙන ඇති බවය.

ලන්ඩනයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී අලි නසීම්ෆර් කැඳවා කරුණු විමසීමට ද බ්‍රිතාන්‍ය බලධාරීන් මීට පෙර පියවර ගෙන තිබුණි.

ඉරානය විසින් බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඇත්තේ එම සිදුවීමෙන් දිනකට පසුව බවද වාර්තා වේ.

විදේශීය රාජ්‍යයන් විසින් ඔත්තු බැලීම, කඩාකප්පල්කාරී ක්‍රියා සහ වෙනත් ආරක්ෂාවට බලපාන මෙහෙයුම් සඳහා අනුබද්ධ කණ්ඩායම් භාවිත කිරීම වැළැක්වීමේ අරමුණින් බ්‍රිතාන්‍යය මෑතකදී නව බලතල සහිත නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී ඇත.

මෙම වර්ධනයත් සමඟ ඉරානය සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් උණුසුම් තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *