QR ක්‍රමවේදය තවමත් ක්‍රියාත්මකයි –සංස්ථාව කයයි
ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව, ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන සඳහා තවදුරටත් ස්ථාවරත්වයක් නොමැතිවීම හේතුවෙන් QR ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.
QR ක්‍රමවේදය භාවිත කිරීම නිසා ඉන්ධන පරිභෝජනයේ මෙන්ම ඩොලර් සංචිතයේද හොඳ පාලනයක් පවතින බවත්, නැවත යුදමය තත්වය උග්‍ර වුවහොත් මෙරට ඉන්ධන පෝලිම් ඇති වීම සහ ඒ තුළින් ජනතාව අපහසුතාවට පත් වීම වැළැක්වීම සඳහා තවදුරටත් QR ක්‍රමවේදය භාවිත කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

