සරණාගතයින් 500ක් රැගත් යාත්‍රා දෙකක් මියන්මාර් මුහුදේ අතුරුදන්
මියන්මාරයේ හටගෙන ඇති ප්‍රචණ්ඩකාරී වාතාවරණයෙන් බේරීම සඳහා පළායමින් සිටි සරණාගතයින් 500කට අධික පිරිසක් රැගත් යාත්‍රා දෙකක් මුහුදේදී අතුරුදහන් වීමෙන් එම පිරිස ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැක පළ කරයි.
දැඩි රළු මුහුදු ස්වභාවය හේතුවෙන් මියන්මාර වෙරළට ඔබ්බෙන් මෙම අනතුර සිදුව ඇති බව සීඑන්එන් ප්රවෘත්ති සේවය වාර්තා කර ඇත.
මියන්මාරයේ බටහිර රඛයින් ප්‍රාන්තයේ සිට පසුගිය ජුනි මස අගභාගයේදී මෙම යාත්‍රා දෙක ගමන් ආරම්භ කර ඇති අතර එහි බහුතරයක් රෝහින්ග්‍යා සරණාගතයින් ගමන් කර ඇති බවද පැවසේ.
එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය සහ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පුද්ගලයන් 250 දෙනෙකු රැගත් පළමු යාත්‍රාව ගමන් ආරම්භ කර කෙටි වේලාවකින් සන්නිවේදන සබඳතා බිඳවැටී ඇති බවයි. එසේම 280 දෙනෙකු පමණ ගමන් ගත් අනෙක් යාත්‍රාව ජූලි මස 8 වැනිදා මියන්මාරයේ අයෙයාවඩි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ගිලී ඇති බවට විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන්වේ.
දශක ගණනාවක සිට මියන්මාරයේ පවතින දරුණු සිවිල් යුද වාතාවරණය සහ හිංසනයන් හේතුවෙන් දිවි බේරාගැනීම සඳහා මෙලෙස අනාරක්ෂිත ලෙස මුහුදු මාර්ගයෙන් පළායන රෝහින්ග්‍යා වැසියන් දිගින් දිගටම මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

