පිල්ලෙයාන් යලිත් බන්ධනාගාරයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
සැකකරු ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අද මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් ඒ. තර්ෂිනී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුවූ ඝාතන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලයාන් ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.
කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන පහක් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් අද අධිකරණයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

