Latestවිදේශීය

ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

විභාග ප්‍රශ්නපත්‍ර පිට කිරීමේ වංචාවක් මුල් කරගෙන මේ වනවිට ඉන්දියාවේ පැනනැගී තිබෙන විරෝධතා හමුවේ එරට අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

විරෝධතා කරුවන් දින කිහිපයක් පුරා අඛණ්ඩව පවත්වන විරෝධතාවයන් හමුවේ මෙම ඉල්ලා අස්වීම සිදු කර තිබීම විශේෂත්වයකි.

ආරක්ෂක අංශ යොදවා විරෝධතා මර්දනය කිරීමට ඉන්දීය මධ්‍යම රජය උත්සාහ දැරූවද එය ආසාර්ථක වීමෙන් පසුව අද (25) දහවල් එම ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.

නීට් වෛද්‍ය ප්‍රවේශ විභාගයේ සිදුවූ අක්‍රමිකතාවක් තරුණ විරෝධතා ආරම්භ වීමට හේතු වූ අතර, එහි ප්‍රධානතම චෝදනාව එල්ල වුණේ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් වෙතටය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *