කජ්ජා සහ දරුවන් දෙදෙනා ඝාතනයට අචිනි අත්අඩංගුවට
අරුණ විදානගමගේ හෙවත් ‘මීගස්ආරේ කජ්ජා’ සමඟ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයෙන් පසු රටින් පලා ගිය ප්රධාන සැකකාරියක් වූ අනෝෂා ලක්මාලි හෙවත් ‘අචිනි’ නමැත්තිය එක්සත් එමීර් රාජ්යයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (27) මෙරටට රැගෙන එනු ඒ බව මෙරටට දැනුම් දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් එරටට ගොස් ඇයව රැගෙන ඒමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මිද්දෙණිය, කටුවන ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ නමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වන අවස්ථාව වන විට ‘කජ්ජා’ වෙත අවසාන දුරකතන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය බවය.
‘බැකෝ සමන්’ නමැත්තාගේ උපදෙස් මත, ආහාර ගැනීම සඳහා ‘කජ්ජා’ සහ දරු දෙදෙනා අදාළ අවන්හල වෙත උපායශීලීව කැඳවාගෙන යෑම සිදු කර ඇත්තේ ද ඇය විසින් බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ. එලෙස ආහාර ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි ප්රහාරය එල්ල වී තිබුණි. මෙම ත්රිත්ව ඝාතනය ඉකුත් වසරේ පෙබරවාරි 18 වැනිදා සිදුවිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකාරියගෙන් කළ ප්රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ ඉකුත් අගෝස්තු 30 වැනිදා ඩුබායි හී සාජා නුවර සිට මෙරටට පැමිණීමට යෑමේදී එරට පොලීසිය මගින් තමාව අත්අඩංගුවට ගත් බවය. කජ්ජා ඝාතනයෙන් පසුව තමන් පිළිබඳ හෙළිවීමත් සමඟ 2025 මාර්තු 05 දා තායිලන්තයේ බැංකොක් නුවරට පලාගිය බව ද ඇය පවසා ඇත. අනතුරුව මැලේසියාවට ගොස් ඩුබායි රාජ්යයට ගිය බවත් ඇය පවසා තිබේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

