එංගලන්තයෙන් අඩකට වඩා නියඟයට හසුවෙයි
එංගලන්තයේ රටින් අඩකට වඩා ප්‍රමාණයක් උග්‍ර නියඟයකට මුහුණ දී සිටින බව බ්‍රිතාන්‍ය පරිසර ඒජන්සිය අනතුරු අඟවා සිටි. රටේ විශාල ප්‍රදේශයක් “දැන් හදිසි නියඟයකට මුහුණ දෙමින් සිටින” අතර එය “ඉතා අඩු වර්ෂාපතනයක්” සහ ඉහළ උෂ්ණත්වයන්ගේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් මෙම නියගය ඉතා වේගයෙන් රට පුරා වර්ධනය වී ඇති” බව එම රාජ්‍ය ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
2026 ජූලි මාසය මෙතෙක් වාර්තා වූ වියළිම කාලගුණය පැවතුනු මාසය බවට පත්වීමට නියමිත බැවින් එංගලන්තයෙන් අඩකට වඩා නියඟයකට මුහුණ දෙන බව පරිසර ඒජන්සිය බදාදා නිවේදනය කළේය. රටේ මධ්‍යම, නැගෙනහිර සහ දකුණේ විශාල ප්‍රදේශයක් දැනට හදිසි නියඟයකට මුහුණ දෙමින් සිටි.
ජූලි මාසයේ වර්ෂාපතනය සාමාන්‍යයෙන් වසරක ලැබෙන ප්‍රමාණයට වඩා මේ අවස්ථාවේ නිරීක්ෂණය කරන මට්ටමෙන් 7%ක් ලෙස වාර්තා වූ අතර එංගලන්තයේ දකුණේ පවා 1%ක් පමණි. බලපෑමට ලක් වූ කලාප අතරට නැගෙනහිර ඇන්ග්ලියා, හර්ට්ෆර්ඩ්ෂයර්, ග්‍රේටර් ලන්ඩන්, තේම්ස් නිම්නය, හැම්ප්ෂයර් සහ මධ්‍යයේ අයිල් ඔෆ් වයිට්, ඩෙවොන්, කෝන්වෝල් සහ බටහිර මිඩ්ලන්ඩ්ස් ඇතුළත් වේ.
ඒ අනුව රටේ තවත් තුනෙන් එකක් දිගු වියළි කාලගුණයක් අත්විඳිමින් සිටින බව පැවසේ.
“ජල මට්ටම පහත වැටෙමින් තිබේ, ගොවීන්ට සැලසුම් කළ කාලයට වඩා කලින් අස්වැන්න නෙළා ගැනීමට බල කෙරෙමින් පවතී, හදිසි ලැව් ගින්න ඇතිවීමේ අවදානම ද වැඩි වෙමින් පවතී, සහ මිලියන සංඛ්‍යාත ජනතාවක් සඳහා ලබා දෙන ජලයද සීමා කිරීමට සිදු වී ඇත,” යයි බ්‍රිතාන්‍ය පරිසර ඒජන්සිය සිය මාධ්‍ය නිවේදනයේ සඳහන් කර සිටි.
“අපි දැනට සොබාදහමට එය නැවත පිරවිය හැකි ප්‍රමාණයට වඩා වේගයෙන් ජලය පරිභෝජනය කරමින් සිටිමු. අඛණ්ඩව අප මුහුණ දෙන මෙම වසරේ දෙවන ගිම්හාන නියඟය (2025 දී ඇති වූ නියඟයෙන් පසු) අපගේ පරිසරය, වනජීවීන් සහ ආර්ථිකය සඳහා කල් පවතින ප්‍රතිවිපාක ඇති කරන සුවිශේෂී බරපතල තත්වයක් නිර්මාණය කර ඇත,” යයි
ජුලි 29 අඟහරුවාදා අග භාගයේදී රැස්වූ එම පරිසර ඒජන්සියේ ජල අධ්‍යක්ෂිකා සහ ජාතික නියඟ කාර්ය සාධක බලකායේ සභාපතිනි හෙලන් වේක්හැම් ඉහල යන උෂ්ණත්වය හා භයානක ප්‍රථිපල පිළිබඳව එසේ අනතුරු ඇඟවීය.
මාධ්‍ය නිවේදනයේ කරුණු උපුටා දක්වමින් මහා බ්‍රිතාන්‍ය ජල අමාත්‍ය එමා හාඩි පැවසුවේ ජලාශ වල “කාන්දු ඉක්මනින් අලුත්වැඩියා කරන” ලෙස අමාත්‍යවරිය ජල සමාගම්වලින් විශේෂයෙන් ඉල්ලා සිටින බවයි.
2026 මැයි මාසයේ සිට එංගලන්තය දැනටමත් උෂ්ණත්වය ඉහල යාම් තුනක් අත්විඳ ඇති අතර, සිව්වැන්න දැනට සිදුවෙමින් පවතින බව පරිසර ඒජන්සිය පවසයි. 1884 දී තාප තරංග වාර්තා ආරම්භ වූ දා සිට 2026 ජුනි මාසය උණුසුම්ම මාසය වූ අතර, පාසල් වැසීමට සහ ප්‍රවාහන බාධාවන්ට මුහුණ දීමට පවා එරටට සිදු වී තිබිණි.
ජුනි 26 වන දින නැගෙනහිර එංගලන්තයේ ලින්ග්වුඩ් හි නව උෂ්ණත්ව වාර්තාව 38°C (100°F) ක් වූ බව මහා බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය බදාදා නිවේදනය කළේය.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

