Latestදේශීය

සුගීෂ්වර යලි බන්ධනාගාරයට

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන අගෝස්තු 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

අද පෙරවරුවේ ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙසත්, එම කාලයේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම, රජයේ වාහන අවභාවිත කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

විමර්ශකයින් අධිකරණයට දැනුම් දී ඇත්තේ, ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් 1,933,065ක මුදලක් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් 4,226,884.59ක මුදලක් අවභාවිත කර ඇති බවට චෝදනා පවතින බවයි.

පොදු දේපළ පනතේ 5(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සිදුකර ඇති බවට සැකකරුට එරෙහිව විමර්ශන සිදුකරන බවද අධිකරණයට දැනුම් දී තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *