මහනුවරට නායායෑම් රතු නිවේදන
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 3 (ඉවත්වීමේ) නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අද (03) උදෑසන 09.00 සිට හෙට (04) උදෑසන 09.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව, කොත්මලේ බටහිර හා කොත්මලේ නැගෙනහිර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 (අවධානයෙන් සිටින්න – ඇම්බර්) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එමෙන්ම අදියර 1 (විමසිලිමත්ව සිටින්න) යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වය පැවතිය හැකි බැවින් නායයෑම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
පසුගිය දිට්වා කාලගුණික තත්ත්වය හේතුවෙන් අවදානම් තත්ත්වයට පත් ස්ථානවල තවදුරටත් පදිංචිව සිටින ජනතාව පවතින වැසි තත්ත්වය හමුවේ එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

