චම්පිකගේ විරෝධතා ඉවතට – නඩුව ඉදිරියට
ඇමතිවරයෙකු වශයෙන් සිටි 2016 වසරේ පාඨලි චම්පික රණවක සම්බන්ධ මාර්ග අනතුරක අධිකරණ ක්‍රියාවලිය මේ දක්වා විවිධ මූලික විරෝධතා ඉදිරිපත් කරමින් ඇදී යාමට සලස්වා තිබිණි.
ඒ ආකාරයට ම පසුගිය 03 වෙනි දින කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ඉවත දමනු ලැබීය. මෙහිදී රජයේ නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ ඉදිරිපත් වී තිබෙන සාක්ෂි පදනම්ව මෙම චූදිතයන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි. අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාඨලි චම්පික රණවක පරීක්ෂණ නොමග යැවීම සඳහා ක්‍රියා කර ඇති බව ද අනාවරණය වී තිබේ.
2016 පෙබරවාරි 28 වෙනි දින රාජගිරියේ දී පාඨලි චම්පික හිටපු අමාත්‍යවරයා පදවා ගෙන ගිය වාහනයේ තරුණයෙකු ගැටී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිසියට වාර්තා නොකිරීම සහ රියදුරු වෙනස් කිරීමෙන් පරීක්ෂණ නොමග යැවීමට කටයුතු කර ඇති බව ද කරුණු ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධයෙන් 2020 ජූලි 09 වෙනි දින අධි චෝදනා ගොනු කළ අතර, මේ දක්වා අවස්ථා ගණනාවක දී මූලික විරෝධතා ඉදිරිපත් කරන බව කියමින් අධිකරණ ක්‍රියාවලියට බාධා පමුණුවා ඇත.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

