Latestදේශීය

ජොන්ස්ටන්ට එරෙහි නඩු 07ක් නැවත විභාගයට

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩු 07ක් යළි විභාග කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කර ඇතැයි වාර්තා වේ.

එලෙස අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ මීට පෙර තාක්ෂණික කරුණු ඇතුළු විවිධ හේතු මත හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කිරීමට අදිකරණය තීන්දු කර තිබූ නඩු 07ක් බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙලෙස නඩු 07ක් නැවත විභාග කිරීමට අධිකරණය තීන්දු කළ බව වෙලඳ ඇමති ඇමති වසන්ත සමරසිංහ නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලයක් විසින් වීමද විශේෂත්වයකි. එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කර ඇත්තේ පී. කුමාරත්නම් විනිසුරු විසිනි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *