Latestදේශීය

සාගර කාරියවසම්ට මොකද වෙන්නේ ?

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 24 වෙනිදා වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග කර ඇත.

එහිදී අදාළව විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර ඊට අධිකරණයේ අවසරය හිමිව තිබේ.

ඒ අනුව, සාගර කාරියවසම් ‍මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස්පති සම්බන්ධව සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශයක් පිළිබඳව සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසියට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මාධ්‍ය ආයතන 06කට නියෝග කර ඇත.

ඒ අනුව විමර්ශන සිදු කර ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නා බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *