Latestදේශීය

මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරයි

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රී 10.00 පමණ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් කෙටි කාලයක් තුළ පාලන යකිරීමට කටයුතු කර තිබේ.

මැගිසින් බන්ධනාගාරයේ `E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන්ගෙන් 40 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇත.

රැඳවියන් එලෙස නොසන්සුන්කාරී තත්වයට පත්වීමට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට එම නොසන්සුන්කාරී තත්වය පාලනය කර ඇති බවත්, බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *