22වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙසද සංශෝධනය කර තිබේ.
කෙසේ වෙතත් අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළැඹෙන දින හෝ ඔහු අගවිනිසුරු ධුරයට පත්වන දිනයේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කළින් එළැඹෙන දිනය බවද එහි සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

