ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව තවත් ඉදිරියට – ‘මුරලි’ චූදිතයින් හදුනා ගනී
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ රඳවාගෙන සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් ‘මුරලි’ විසින් එම කඳවුරේ සිටි හමුදා නිලධාරීන් හතර දෙනෙකු විවෘත අධිකරණයේදී හඳුනාගෙන තිබේ.
සාක්ෂිකාර සුමතිපාල සුරේෂ් කුමාර් 2009 වසරේ සිට 2013 දක්වා කාලය තුළ ගිරිතලේ යුද හමුදා බුද්ධි බලකා කඳවුරේ රඳවා සිටි බවට ඔහු සාක්ෂි ලබා දුන් අතර, එසේ රඳවා තබාගෙන සිටියදී පළමු චුදිතගේ සිට සිවුවැනි චුදිත දක්වා වූ පිරිස සහ තවත් අය එම කඳවුරේ සිටි බවද පසුගියදා ඔහු සඳහන් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 2009 අගෝස්තු 27 වැනිදා පැහැරගෙන යාම සම්බන්ධයෙන් චුදිතයන් 07 දෙනකුට එරෙහිව නීතිපති හෝමාගම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබිණි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 2009 අගෝස්තු 27 වැනිදා පැහැරගෙන ගොස් අතරමග දමා තිබූ අතර, ඉන්පසු 2010 ජනවාරි 24 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබිණි.
2010 ජනවාරි 24 වැනිදා එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම ගැන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු විභාගය සිදු වේ.
තමන් ගිරිතලේ කඳවුරේ රඳවා තබාගෙන සිටියදී හමුදා නිලධාරීන් දුරකතනයක් ලබාදී ඔවුන් ලබාදෙන අංකවලට ඇමතුම් ගැනීමට උපදෙස් දෙන බවත්, එම ඇමතුම් ගත් අය අතර විදෙස් රටවල සිටින අයද සිටින බවත්, 2010 ජනවාරි 24 වැනිදා එක්නැලිගොඩටද දුරකතන ඇමතුම් ලබා ගත් බවත් සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් ‘මුරලි’ විසින් සඳහන් අධිකරණයේදී සඳහන් කර ඇත.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

