පොලිස්පති ඝාතන කතා කියන්නේ දැවැන්ත දූෂණ හා ඝාතනවලට සම්බන්ධ අයයි – ආනන්ද විජේපාල
අල්ලස, දූෂණය මෙන්ම ජාවාරම් තුළ නිරතවෙමින් මහජන දේපළ බරපතළ ලෙස විනාශ කළ, බංකොලොත් පොහොට්ටු පක්ෂයේ ලේකම්වරයා වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සුළුකොට නොසලකන බවත්, මෙම ප්‍රකාශය මහජන සාමයට මෙන්ම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ බරපතළ ප්‍රකාශයක් බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය දා (05) ප්‍රකාශ කළේය.
ඒ අනුව පොදුජන පෙරමුණේ මහලේකම්වරයා කර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත විමර්ශනයක් කරන ලෙස උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම අල්ලස, දූෂණය, මහජන දේපළ මංකොල්ලකෑම්, පාතාලය ඇතුළු ජාවාරම් මර්දනය සඳහා වත්මන් පොලිස්පතිවරයා ඇතුළු අංශ විසින් ආරම්භ කර ඇති කිසිදු විමර්ශනයක් කිසිදු හේතුවකට නතර නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැති විවාදයට සිය අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, එම විමර්ශන කරන සියලු නිලධාරීන්ට අවශ්‍ය ශක්තිය, ධෛර්ය මෙන්ම රැකවරණය හා සුරක්ෂිතතාව ලබා දෙන බවයි.
වත්මන් පොලිස්පතිවරයා යටතේ සිදුවන මෙම විමර්ශන සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ ම්ලේච්ඡ හා සාහසික ප්‍රකාශ කරන්නේ මේ රටේ කළ දැවැන්ත ඝාතනයන්ට, මංකොල්ලකෑම්වලට, මහජන දේපළ මංකොල්ලකෑම හා විනාශ කිරීම්වලට පාදක වුණු පිරිස් බවද ඇමැතිවරයා පැවසීය.
කෙසේ වුවද පසුගිය වකවානුවේදි සිදුවී ඇති සියලු ඝාතන, වංචා දූෂණ, අක්‍රමිකතා ආදිය සම්බන්ධයෙන් සියලු විමර්ශන අඛණ්ඩව වත්මන් රජය යටතේ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

