Latestදේශීය

ගුවන් තොටුපළ අවට සරුංගල් යවන්න එපා

ගුවන් තොටුපළ අවට ප්‍රදේශවල සරුංගල් යැවීම, ගුවන් යානා මෙහෙයුම්වලට බරපතළ බාධාවක් මෙන්ම ගුවන් ආරක්ෂාවට තර්ජනයක් වී ඇති කළ හැකි බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කරයි.

ඒ අනුව ගුවන් යානා ගොඩබෑමේ සහ ගුවන්ගත වීමේ මෙහෙයුම්වලදී සරුංගල් හේතුවෙන් හටගත හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා, සරුංගල් යැවීම පිණිස ගුවන් තොටුපළ ප්‍රදේශවලින් බැහැර වූ, දුරස්ථ, ආරක්ෂිත සහ විවෘත එළිමහන් ස්ථාන පමණක් භාවිත කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

ගුවන් මගීන්ගේ, ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනතාවගේ වගකීම් සහගත සහයෝගය අත්‍යවශ්‍ය බවද එම සමාගම පෙන්වා දෙයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *