Latestදේශීය

පිල්ලෙයාන් යලි රිමාන්ඩ්

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු දෙදෙනෙක් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) නියෝග කර තිබේ.

නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාළව මෙම නඩුව ගොණු වී තිබේ.

මෙම සිද්ධියේ තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ය.

සැකකරුවන් අද බන්ධනාගාරය මගින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඉකුත් 2008 මැයි 22වැනිදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, ඉකුත් 2008 අගෝස්තු 20 වැනිදා රාත්‍රී කාලයේදී වව්නතිවු පොලිස් වසමට අයත් කොන්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම අපරාධයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් තිදෙනෙකු නම් කර තිබේ.

ඉන් පළමු සැකකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින පුද්ගලයා ඉකුත් 2025 අගෝස්තු 13 වැනිදා සහ 2025 නොවැම්බර් 13වැනිදා සිට පිළිවෙළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *