Latestවිදේශීය

සෞදියේ තෙල් පිරිපහදුවකට හූති පහරදෙයි

ඉරාන හිතවාදී හූති කැරලිකරුවන්, සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාර එල්ලකර තිබේ.

ඒ සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීමෙන් දින දෙකකට පසුවය.

නේටෝ ආරක්ෂක සන්ධානයට සමාන ආරක්ෂක ගිවිසුමක් වන මෙයට අනුව එම රටවල් තුනෙන් එකකට ප්‍රහාරයක් එල්ලවුවහොත් එය රටවල් තුනටම එල්ල වූවක් ලෙස සලකා කටයුතු කිරීමට බැදී සිටී.

මේ අතර රතු මුහුද සහ ඒඩන් බොක්ක සම්බන්ධ කරන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා වරායට ද හූති ප්‍රහාරවලින් දැඩි හානි සිදුවී තිබෙන බව සඳහන්.

@sinhala.adaderana.lk
 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *