බන්ධනාගාර ගැටුම්වලට විපක්ෂයට චෝදනා කරන්න නම් මොකටද ආන්ඩුවක් ? දිලුම් අමුණුගම ප්‍රශ්ණ කරයි
බන්ධනාගාරවල ඇතිවන ගැටුම්වලට විපක්ෂය සෘජුව මැදිහත් වෙනවා යයි චෝදනා කරන්නේ නම් ඒ සඳහා රජයක් අවශ්‍ය නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතා පැවසුවේය. නාවලපිටිය ආසනයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සංවිධායක කේ.එල්.ඒ. ගණසිංහ ඇතුළු කොට්ඨාස නියෝජිතයන් සර්වජන බලය පක්ෂයට එක්වූ අතර එම පිරිස සමඟ නාවලපිටියේදී පැවැති රැස්වීමකදී ඒ මහතා ඊයේ (09) මේ බව කීවේය.
එහිදී ඒ මහතා මෙසේද කීවේය. මහා නායක ස්වාමීන් වහන්සේගේ විරෝධය පවා මේ ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළා. මෙය වත්මන් රජයේ ඒකාධිපතිවාදය හොඳින් නිරූපණය වන අවස්ථාවක් වෙනවා. එසේම සියලු පක්ෂ මේ වන විට ඉහළ ඡන්ද දායකයන් මට්ටමක් ලබා සිට අඩු ඡන්ද මට්ටමක් දක්වා පහළ බැස සිටිනවා.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

