Latestදේශීය

බන්ධනාගාර ගැටුම්වලට විපක්ෂයට චෝදනා කරන්න නම් මොකටද ආන්ඩුවක් ? දිලුම් අමුණුගම ප්‍රශ්ණ කරයි

බන්ධ­නා­ගා­ර­වල ඇති­වන ගැටු­ම්ව­ලට විප­ක්ෂය සෘජුව මැදි­හත් වෙනවා යයි චෝදනා කරන්නේ නම් ඒ සඳහා රජ­යක් අවශ්‍ය නොවන බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රි දිලුම් අමු­ණු­ගම මහතා පැව­සු­වේය. නාව­ල­පි­ටිය ආස­න­යෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ හිටපු සංවි­ධා­යක කේ.එල්.ඒ. ගණ­සිංහ ඇතුළු කොට්ඨාස නියෝ­ජි­ත­යන් සර්ව­ජන බලය පක්ෂ­යට එක්වූ අතර එම පිරිස සමඟ නාව­ල­පි­ටි­යේදී පැවැති රැස්වී­ම­කදී ඒ මහතා ඊයේ (09) මේ බව කීවේය.

එහිදී ඒ මහතා මෙසේද කීවේය. මහා නායක ස්වාමීන් වහ­න්සේ­ගේ විරෝ­ධය පවා මේ ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. විනි­සු­රු­ව­රුන්ගේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළා. මෙය වත්මන් රජයේ ඒකා­ධි­ප­ති­වා­දය හොඳින් නිරූ­ප­ණය වන අව­ස්ථා­වක් වෙනවා. එසේම සියලු පක්ෂ මේ වන විට ඉහළ ඡන්ද දාය­ක­යන් මට්ට­මක් ලබා සිට අඩු ඡන්ද මට්ට­මක් දක්වා පහළ බැස සිටි­නවා.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *