Latestවිදේශීය

තුර්කි සමාව කුර්දි සටන්කාමීන්ට

තුර්කියේ මිලියන 14ක කුර්දි ජනතාව වෙනුවෙන් සටන් කල PKK සන්නද්ධ ව්‍යාපාරයේ ගරිල්ලන් පසුගිය වසරේ දී අවි බිම දැමීමට කල තීරණයට ප්‍රති චාරයක් ලෙසින් තුර්කි පාර්ලිමේන්තුව ඔවුන්ට පොදු සමාවක් ලබා දීමට නීතියක් සම්මත කර ගෙන ඇත. වසර 10ට අඩු දඬුවම් විදින හා එවැනි සන්නද්ධ ක්‍රියාවලට සහභාගී නොවූ එම සංවිධානයේ සාමජිකයින් 3000කට මෙම සමාව හිමි වන බව එරටින් වාර්තා වේ. එහෙත් මෙම සමාව එම සංවිධානයේ එයතිහාසික නායක Abdullah Öcalan සඳහා හිමි නොවේ. 1984 සිට දශක හතරක් පුරා ඇදී ගිය තුර්කිය හා වෙනම රාජ්‍යයක් සඳහා වූ PKK සංවිධානය අතර යුද්ධය හේතුවෙන් 60000කට වඩා පිරිසක් මිය ගිය අතර, නව පොදු සමාවෙ නිතිය සම්මත කිරීම සඳහා තුර්කි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ බහුතරයේ සහය හිමි වී තිබීම සාමය සඳහා කැපවීමේ විශේෂ කාරණයක් ලෙස විචාරකයින් පෙන්වා දේ .

මෙම නව නීතිය සම්බන්ධයෙන් PKK ගරිල්ලා ව්‍යාපාරය පවසන්නේ නව නීතියට ගරු කරන නමුත්, තුර්කියේ කුර්දි ප්‍රශ්ණය සම්බන්ධයෙන් විසඳුමක් යෝජනා කිරීමට තුර්කි ආණ්ඩුව තවමත් සමත් වී නැතැයි පවසා සිටි. ඒ අනුව පොදු සමාව ලබා දෙන නීතියේ “දෝෂ සහ අඩුපාඩු” ඔවුන් විසින් හෙළා දැක ඇති බවටද විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

“ප්‍රජාතන්ත්‍රීකරණය සහ කුර්දි ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් තුර්කි පාර්ලිමේන්තු කොමිසමේ වාර්තාවේ නිර්දේශ මෙම පොදු සමා නීතියෙන් සැලකිල්ලට ගෙන නොමැති බව ඔවුන් තවදුරත් පෙන්වා දේ. PKK ගරිල්ලන් තව දුරටත් ඉල්ලා සිටින්නේ අවි අත්හරින තම සටන්කරුවන්ට සිරගත වීමේ අවදානමකින් තොරව “ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ජීවිතයට සහභාගී වීමට හැකි වනු ඇති” බවට සහතිකයක් තුර්කි රජය ලබා දිය යුතු බවයි. එසේම කුර්දි ගරිල්ලා සංවිධානයේ ඓතිහාසික නායක අබ්දුල්ලා ඔකලන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටි.

“කෙටුම්පත් කල නව නීතියේ ‘කුර්දි’ යන යෙදුම භාවිතා නොකර නිරායුධකරණය පමණක් සඳහන් කිරීමෙන් පෙනී යන්නේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා නොමැති බවයි. 1999 සිට හුදකලා සිරකඳවුරක සිරගත කර සිටින අප සන්නද්ධ ව්‍යාපාරයේ ඓතිහාසික නායක අබ්දුල්ලා ඔකලන් (වයස 77) නිදහස් නොකළහොත් “නීතියේ බොහෝ විධිවිධාන මළ අකුරක් ලෙස පවතිනු ඇති” යයි PKK ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා සිටියේය.

කෙසේ වෙතත්, 2024 අවසානයේ දියත් කරන ලද තුර්කි සාම මුලපිරීමකට ප්‍රතිචාර වශයෙන් පසුගිය වසරේ මැයි මාසයේදී PKK සංවිධානය විසුරුවා හැර අවි බිම තබන ලෙස ඉල්ලා සිටි Abdullah Ocalan ගේ ඉරණම නිල වශයෙන් තුර්කිය තීරණය කර නොමැත. විශේෂයෙන් ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන්ගේ යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AKP, ඉස්ලාමීය-කොන්සර්වේටිව්) සහ කුර්දි හිතවාදී DEM පක්ෂය, ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරදකරුවන්ට වසර පහේ සිට දහය දක්වා කාලයක් සඳහා නඩු පැවරීම් අත්හිටුවීමට සහ ඊට වැඩි ක්‍රියාවන් සඳහා දඬුවම් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරයි. මෙම අත්හිටුවීමේ කාලය තුළ නැවත වරදක් සිදු නොවන්නේ නම්, පොදු සමා පරීක්ෂණ අවසන් කර දඬුවම් ක්‍රියාත්මක කරනු ඇතැයි සැලකේ.

“මෙම ඓතිහාසික පියවර අපේ රටේ සාමය මෙන්ම එකමුතුකම සහ අඛණ්ඩතාව ශක්තිමත් කරනු ඇති අතර තුර්කියට වාසිදායක ප්‍රතිඵල ගෙන එනු ඇත.” යයි තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan X පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටි.

මේ අතර PKK සංවිධානය පවසන්නේ ලබා ගත් සාමය තවදුරටත් අර්ථවත් වීමට නම් ඔවුන්ගේ නායක Abdullah Ocalan, නිදහස් කරන ලෙස දිගටම තුර්කි රජයෙන් ඉල්ලා සිටින බවත්, ඔහු වෙනම රාජ්‍ය සංකල්පය අතහැර ස්වයං පාලනය පමණක් ඉල්ලා සිටින අතර ඔහු මෙම “සාම ක්‍රියාවලියේ ප්‍රධාන සම්බන්ධීකාරක” ලෙස එයතිහසික භූමිකාවක් ඉටු කළ බවත් අවධාරනය කර සිටි.

2024 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ වූ වක්‍ර සාකච්ඡාවලින් පසුව සහ තුර්කි හමුදාවන්ට එරෙහිව දශක හතරකට වැඩි කාලයක් සටන් කිරීමෙන් පසුව PKK සංවිධානය 2025 මැයි මාසයේදී එහි විසුරුවා හැරීම නිවේදනය කළේ, දැනට තුර්කියේ සිරගත කර සිටින එහි ඓතිහාසික නායක Abdullah Ocalan ගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි. එහිදී Abdullah Ocalan ගෞරවණිය සාමයක් සඳහා වූ ආයාචනාවක් ඉදිරිපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් මගින් තුර්කියේ කුර්දි සුළුතරයේ අයිතිවාසිකම් දිනා ගැනීමට එක්වන ලෙස තම සාමාජිකත්වයෙන් ඉල්ලා සිටියේය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *