අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තිය බලගැන්වීමයි – සජිත් ප්‍රේමදාස
විපක්ෂයේ සිටියත් අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
අපේ රටේ බහුතර බලශක්ති ජනනය පුනර්ජනනීය බලශක්තිය මඟින් සිදුවිය යුතු බව තමා මෙන්ම සමගි ජන බලවේගය ද තරයේ විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී පෙරේදා (11) පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරය. බොහෝ දේශපාලනඥයන් විපක්ෂයේ සිටින විට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතු යැයි පැවසුවත් බලයට පැමිණි පසු තාප බලශක්ති මාෆියාවේ වහලුන් බවට පත්වන බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති මුදලට වරදාන වරප්‍රසාදවලට වෙන්දේසි නොවන බවත් විපක්ෂයේ සිටින විට මෙන්ම ආණ්ඩු බලය ලැබුණ ද පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධන කිරීමට තමන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් කැපවූ ව්‍යවසායකයන් සිටියත් වත්මන් රජය කුමන්ත්‍රණය කරමින් මොවුන් පලවා හරින්න කටයුතු කළත් සමගි ජන බලවේග රජයක් තුළ මොවුන් තවදුරටත් ශක්තිමත් කරන්න කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

