Latestදේශීය

අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තිය බලගැන්වීමයි – සජිත් ප්‍රේමදාස

විප­ක්ෂයේ සිටි­යත් අපේ ප්‍රති­ප­ත්තිය පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා අව­ධා­ර­ණය කරයි.

අපේ රටේ බහු­තර බල­ශක්ති ජන­නය පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය මඟින් සිදු­විය යුතු බව තමා මෙන්ම සමගි ජන බල­වේ­ගය ද තරයේ විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යා­ලයේ දී පෙරේදා (11) පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය සම්බ­න්ධ­යෙන් පුන­ර්ජ­න­නීය බල­ශක්ති සංව­ර්ධ­ක­යන් සමඟ පැවති සාක­ච්ඡා­වක් අත­ර­තු­රය. බොහෝ දේශ­පා­ල­න­ඥ­යන් විප­ක්ෂයේ සිටින විට පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය ප්‍රව­ර්ධ­නය කළ යුතු යැයි පැව­සු­වත් බල­යට පැමිණි පසු තාප බල­ශක්ති මාෆි­යාවේ වහ­ලුන් බවට පත්වන බවත් සමගි ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති මුද­ලට වර­දාන වර­ප්‍ර­සා­ද­ව­ලට වෙන්දේසි නොවන බවත් විප­ක්ෂයේ සිටින විට මෙන්ම ආණ්ඩු බලය ලැබුණ ද පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය ප්‍රව­ර්ධන කිරී­මට තමන් පෙනී සිටින බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය වෙනු­වෙන් කැපවූ ව්‍යව­සා­ය­ක­යන් සිටි­යත් වත්මන් රජය කුම­න්ත්‍ර­ණය කර­මින් මොවුන් පලවා හරින්න කට­යුතු කළත් සමගි ජන බල­වේග රජ­යක් තුළ මොවුන් තව­දු­ර­ටත් ශක්ති­මත් කරන්න කැප­වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *