Latestදේශීය

ඉන්දියාවෙන් පිටුවහල් කළ ලංකාවේ සැකකරුවන්

වත්තල ප්‍රදේශයේ හෝටලයක පසුගිය මස 23 වැනිදා රාත්‍රී  පැවති උපන් දින සාදයකට කඩා වැදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර , පසුව බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු එරට ආරක්ෂක අංශ මගීන් අත්අඩංගුවට ගෙන ඊයේ(13) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පිටුවහල් කර එවා තිබුණි .

වත්තල ප්‍රදේශයේ පදිංච් මොවුන් දෙදෙනා අතරින් එක් අයෙකු  30 හැවිරිදි වියේ පසුවන මහේෂ්වරන් ලුසිනාත් වන අතර සහ අනෙක් පුද්ගලයා  34 හැවිරිදි වියේ පසුවන ගනේෂන් විග්නේෂ්වරන් වේ.

ඔවුන් ඊයේ පස්වරු 04.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට , ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ .- 1179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

ඉන්දීය ආරක්ෂක අංශ මගින් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කර තිබූ අතර , ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පැමිණෙනවාත් සමගම , එම නිලධාරීවරුන් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලදි.

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් දෙදෙනා දැඩි ආරක්ෂාව යටතේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *