Latestදේශීය

`බස් ලලිත්’ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට බාරදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (25) අලුයම රෙමටට රැගෙන ආ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් `බස් ලලිත්’ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත බාර දී තිබේ.

පසුගියදා ඩුබාහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ නැමැත්තාට මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී ඇත.

කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනද නිකුත් කර තිබිණි.

දිවයිනට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *