Latestවිදේශීය

නේපාල ගංවතුරෙන් මියගිය ගණන 500 ඉක්මවයි – ගලවා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව නතර කරයි

නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ජල ගැලීම් සහ මඩ ප්‍රවාහ හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 500 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 1,400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

මේ අතර නේපාලය සහ චීනය අතර දේශසීමා කලාපයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් දිවි ගලවාගත් පුද්ගලයින් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට දෙරටේ බලධාරීන් පියවර ගෙන තිබේ.

ගංවතුර අතරතුර ඇති වූ බව කියන ‘බාධක විලක්’ (barrier lake) පිටාර ගැලීමට පටන් ගැනීම හේතුවෙන් මෙලෙස මෙහෙයුම් නවතා දමා ඇති බව වාර්තා වේ.

විල පිටාර ගැලීමේ අවදානම ඉහළ යාමත් සමඟ චීන ගලවා ගැනීමේ කණ්ඩායම් සහ එම මෙහෙයුම් සඳහා යොදාගත් වාහන ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් කර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, නේපාල බලධාරීන්ද ආරක්ෂක හේතූන් මත සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් විනාඩි 90ක පමණ කාලයක් සඳහා අත්හිටුවා ඇති බව නේපාල හමුදා නිලධාරියෙකු තහවුරු කර තිබේ.

දේශසීමා කලාපයේ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් කණ්ඩායම්වල ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති අතර, තත්ත්වය යහපත් වූ පසු සෝදිසි සහ ගලවා ගැනීමේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *