Latestදේශීය

අර්ජුන් දැන් අර්ජුන්ම ද?

මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළව අධිකරණයට අවශ්‍ය කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව වෙත උදර්පණය කරගැනීම සඳහා නීතිමය බාධා පවතින බැවින් වෙනත් නීතිමය මාර්ග පිළිබඳ බලධාරීන් පරීක්ෂා කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. සිංගප්පූරුවේ පුරවැසියකු ලෙස එහි පදිංචිව සිටින අර්ජුන මහේන්ද්‍රන් සිය නම පවා වෙනස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සිංගප්පූරුවේ නීතියට අනුව එරට පුරවැසියකු ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මෙවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු විවිධ උපක්‍රම පවතින බවත් ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. බැදුම්කර වංචාවට අදාළ නඩු කටයුත්ත විභාග වෙමින් පවතින බවද අමාත්‍යවරයා කීය. ඒ තුළින් යම් යම් කාරණා සම්බන්ධව තොරතුරු හෙළිදරවු වන බවද ඇමැතිවරයා කීය. නඩුව ඉදිරියට යන බවද ඔහු පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රූපවාහිනී මාධ්‍යක් සමඟ පෙරේදා (26) පැවති සාකච්ඡාවකදීය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා සිය නීත්‍යනුකූල නම ‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ ලෙස වෙනස් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

අර්ජුන මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නි‍වේදනයක් නිකුත් කිරීමටද අවශ්‍ය කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව කටයුතු කර තිබුණි. ඔහු සිය නම වෙනස් කරගෙන ඇත්තේ ඒත් සමඟ බව සඳහන්ය.

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවන්නේ 2015 වසරේය. ඒ තුළින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතාට පනවා තිබෙන නඩුව ඔක්තෝබර් 30 වැනිදා නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගිය 21 දා නියෝග කළේය. අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් නිසි පියවර අනුව සිතාසි ක්‍රියා කර අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී අල්ලස් කොමිසමට නියෝග කර ඇත.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *